Wednesday, May 6, 2020

ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වෙසක් සමරුම- සමරු මුද්දර 3ක් සහ සිහිවටන පත්‍රිකාවක් නිකුත් කෙරේ


ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වෙසක් සමරුම, ආරෝග්‍ය පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං යන තේමාව මුල් කරගනිමින් පැවැත්වීමට රජය කටයුතු යොදා ඇත.

ඒ වෙනුවෙන්, මිනිසාගේ මානසික මෙන්ම කායික රෝගාබාධයන් සුවපත් කරලීම උදෙසා බෞද්ධ භික්ෂුව විසින් දක්වනු ලබන දායකත්වය පිළිබිඹු කෙරෙන රු.10.00, රු.15.00 සහ රු. 45.00 යන වටිනාකම්වලින් යුත් සමරු මුද්දර 3ක් සහ සිහිවටන පත්‍රිකාවක්ද, 2564 රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම‍ රාජ මහා විහාරයේ බිතු සිතුවමක් නිරූපනය වන රු.15.00 ක වටිනාකමින් යුත් සමරු මුද්දරයක්ද තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් නිකුත් කිරීමට නියමිතය.

‍මෙම සමරු මුද්දර නිකුත් කිරීම, අති පූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2020 මැයි මස 06 වැනි අද  දින අරලියගහ මන්දිරයේදී සිදු කිරීමට නියමිතය.

වෙසක් මුද්දර සහ සිහිවටන පත්‍රිකාව පුලස්ති එදිරිවීර සහ රාජ්‍ය වෙසක් උත්සව මුද්දරය ඉසුරු චතුරංග යන මුද්දර නිර්මාණ ශිල්පීන් විසින් නිර්මාණය කර ඇත.

රටටම ආශිර්වාද පතා දිවයිනේ සියලු විහරස්ථානවල පවත්වන ජ්වර පිරිත් දේශනාව අද






රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට උපදේශන මාලාවක්

 
තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට අදාලව, කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන උපදේශන මාලාව ( Guidelines ) අනුව අදාළ සහතිකය ලබාගැනීමෙන් පසුව පමණක් එම ස්ථාන යළි විවෘත කල යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.
සමහර මාධ්‍ය වාර්තාකරණයන් සහ සමහර සමාජ මාධ්‍ය වාර්තා නිසා රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින් වැරදි අවබෝධයක් ඇති කරගැනීමට ඉඩ තිබෙන බව පෙනෙන්නට තිබේ.
දැනට පොදු මහජනතාව වෙත ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරමින් පමණක් කිසිසේත්ම ඉහතින් සඳහන් කරන ලද ආයතන යලි විවෘත කිරීමේ අවස්ථාවක් ලබා දී නොමැත.
රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට අදාලව උපදේශන මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් කඩිනමින් නිකුත් වීමට නියමිතය. එය නිකුත් කළ පසු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් තම ආයතනය පිහිටා තිබෙන ප්‍රදේශය අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල බල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් උපදෙස් මාලාව ලබාගෙන ඒ අනුව තම ආයතනයේ සේවා ලබාදීමට හැකිවන පරිදි ව්‍යුහය සහ පහසුකම් සකස් කළ යුතුය.
එම පහසුකම් හා ව්‍යුහය සකස් කර අවසන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත දැනුම් දුන් පසු ආයතනය හා පහසුකම් නිසි පරිදි සකස්කර තිබේදැයි පරීක්ෂා කිරීමට ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රූපලාවන්‍යාගාරය /කොණ්ඩා කපන ස්ථානය වෙත පැමිණෙනු ඇත. උපදේශන මාලාව අනුව ලබා දී තිබෙන කරුණු ( Check list ) අනුව එම ස්ථානය පරීක්ෂා කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තම නිර්දේශ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත ලබා දෙනු ඇත. එම නිර්දේශ සලකා බලා රූපලාවන්‍යාගාරය /කොණ්ඩා කපන ස්ථානය යළි විවෘත කිරීමට අදාල අනුමැතිය ලබාදෙන සහතිකය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් නිකුත් කරනු ඇත.
එම සහතිකය ලබා ගන්නා තෙක් දිවයිනේ කිසිදු රූපලාවන්‍යාගාරයක්, කොණ්ඩා කපන ස්ථානයක් යළි විවෘත කිරීමට උත්සහ නොකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.

Tuesday, May 5, 2020

ඇඳිරි නීතිය පිළිබඳ නිවේදනය -03-05-2020


  • ඇඳිරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවල නිවෙස් වලින් බැහැර යෑමට මෙය කිසි සේත් අදාළ වන්නේ නැත.
    කිසියම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත්නම් එවැනි කලාපවලට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට හෝ කිසිවෙකුට අවසර නොලැබේ.

  • ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව දැනුම් දෙනු ලැබේ.


නවතම කොරෝනා තතු


ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම රාජ්‍ය අංශයේ සේවයේ නියුතු පුද්ගලයින් 210 දෙනකුගෙන් යුක්ත කණ්ඩායමක් හෙට (06) දිනයේ දී ද එක්සත් රාජධානියේ සිට මෙරටට රැගෙන ඒමටනියමිත ව ඇති අතර ඔවුන් සියලු දෙනා ද නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීමට කටයුතු කරන බවත් යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී ඒ මහතා අද (05) මේ බව සඳහන් කළේය.

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් අද දිනයේ දී 47 දෙනකු තම නිරෝධායනය අවසන් කර මෙන්ම PCR පරීක්ෂණ කටයුතු සිදු කිරිමෙන් අනතුරුව නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කරනු ලැබූ බවත් යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

මේ අනුව ශ්‍රී ලංකාව තුළ මේ දක්වා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් අද දිනයේ දී 5,089 දෙනකු මේ දක්වා නිරෝධායනය වී ඔවුන්ගේ නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කරනු ලැබ ඇත.

එමෙන්ම, ඊයේ (05) හමු වූ වෛරසය අසාදනය වූ නාවික හමුදාවේ විරෝදාර රණවිරුවාට අදාළ ව නුවර කොලඹිස්ස ප්‍රදේශයේ ඔහුගේ පවුලේ ඥාතින් සහ සමීපව ඇසුරු කළ අයවලුන් 67 දෙනකු ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නිරෝධායනයට ලක් කරනු ලැබූ බවත්, ඒ සමඟම අද දිනයේ දී රාජගිරිය බණ්ඩාරනායක පුර ප්‍රදේශයෙන් සොයාගනු ලැබූ අසදිතයා ඇසුරු කරනු ලැබූ 29 දෙනකු ද, කොළොන්නාව ප්‍රදේශයේ දී හමු වූ වෛරසය අසාදිත පුද්ගලයා ඇසුරු කළ 27 දෙනකු ද අද දිනයේ දී නිරෝධායනය කිරීමට කටයුතු කළ බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව, අද දිනයේ දී ද විවිධ ප්‍රදේශ වලින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත 138 දෙනකු රැගෙන ඒමට කටයුතු කරනු ලැබ ඇත.මේ අනුව, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 4,883 දෙනකු දෙනකු තවදුරටත් නිරෝධායනය වෙමින් පවතී.

එපමණක් නොව, ඊයේ (05) දිනයේ දී හඳුනාගත් වෛරසය අසාදිත පුද්ගලයින් 33 දෙනාගෙන් 31 දෙනකු ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු විරෝදාර රණවිරුවන් වන බවත්, එම 31 දෙනාත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදා රණවිරුවන් 329 දෙනකු වෛරසය අසාදිත ව ඇති බවත් යුධ හමුදාපතිවරයා නිවේදනය කළේය.

අද දිනයේ දී (05) ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වැටුප් ලබා ගැනීම සඳහා පෙර සිදු කළ පරිදි ප්‍රවාහන පහසුකම් සැපයීමටත්, ඔවුන් බැංකු කරා රැගෙන ඒමට සහ නැවත නිවෙස් කරා රැගෙන ඒමටත් ත්‍රිවිධ හමුදාව විසින් කටයුතු කරනු ලැබීය.

එමෙන්ම, ඊයේ (05) යුධ හමුදාවේ විරෝදාර රණවිරුවෙකු එක් කඳවුරක සිට වෙනත් කඳවුරක් වෙත රාජකාරි සඳහා වාර්තා කිරීමට ගමන් කරමින් සිටිය දී දඹුල්ල ප්‍රදේශයේ දී මිය ගොස් ඇති අතර ඔහු විටින් විට හටගන්නා අපස්මාරය රෝගය පැවති අයෙකු බවත්, ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය මේ වන විට සිදු කරමින් පවතින බවත් ප්‍රකාශ කළ යුධ හමුදාපතිවරයා එකී පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව නියම තතු ලබා දීමට හැකි වන බවත් ප්‍රකාශ කර සිටියේය.

Monday, April 27, 2020

COVID - 19 patients 581


Ten more Covid-19 positive patients reported increasing total to 581 - Health Ministry Sri Lanka-

COVID -19 patients 567



Monday, May 19, 2014

තරුණියක අඩි උස සපත්තුවෙන් ඔළුවක් හිල් කරයි

මැල්සිරිපුර නගරයේදී තරුණියකගේ ඇඟේ හැප්පීම නිසා උරණ වු ඇය අඩි උස සපත්තුවෙන් හිටපු හමුදා සෙබළකුට පහර දී ඇතැයි ද හිස එකොළොස් පොළක් නිල් වී ඇතැයිද ගොකරැල්ල පොලීසිය කියයි. 1992 දී යුද හමුදාවට බැඳුණු ඔහු මඩකලපුවේ බෝම්බයකට හසු වී බරපතල තුවාල ලැබීමෙන් පසුව හමුදාවෙන් ඉවත් විය. හිටපු සෙබළා පාරේ මඩ වළකින් බේරීමට යද්දී තරුණියගේ ඇගේ වදින්නට ඇතැයි පොලීසිය කියයි.