ඔබේ ජංගම දුරකථනයට නොමිලේ නිව්ස් අල(ර්)ට්

.
Free news alerts for your mobile | ඔබටත් ඔබේ ජංගම දුරකථනයට නිව්ස් අල(ර්)ට් කිසිදු මුදලකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය ද? එම සේවාව ඔබට ඉතා පහසුවෙන් දැන් සක්‍රීය කර ගත හැක. එනම් Twitter වෙබ් අඩවියේ Mobile Notifications සේවාවයි. මෙය නොමිලයේ දින නියමයක් නොමැතිව ලබා දෙන සේවාවකි. ඔබ කල යුතුව ඇත්තේ Twitter ගිණුමක් සාදා (දැනට එකක් භාවිතා නොකරන අය ) දැනට පවතින ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සේවාවක් සක්‍රීය කර ගැනීමයි.

එය සිදු කර ගන්නා ආකාරය පියවර වශයෙන් බලමු.

1. මුලින්ම ඔබ Twitter ගිණුමක් සාදා ගත යුතු වේ. Twitter sign up වෙබ් අඩවියට ගොස් ඔබේ තොරතුරු ඇතුලත් කර ඔබේ email ගිණුම මඟින් එය තහවුරු කර ලියාපදිංචිය අවසන් කරන්න.

2. ඉන්පසු ඔබේ ජංගම දුරකථනය සක්‍රීය කර ගත යුතු වේ. Settings > Mobile හරහා ඔබේ ජංගම දුරකථනයේ තොරතුරු ඇතුලත් කරන්න. මෙම සේවාව දැනට Mobitel, Dialog හා Etisalt වලට පමණක් ලබා දේ. අවශ්‍ය තොරතුරු ලබා දී Activate phone click කරන්න.





ඉන්පසු ඔබගේ ජංගම දුරක්ථනයට කෙටි පණිවිඩයක් ලැබෙනු ඇත. එහි සඳහ ආකාරයට එයට පිළිතුරු කෙටි පණිවුඩයක් යැවූ විට ඔබගේ දුරකථනය වෙබ් අඩවිය හා සම්බන්ධ වීම අවසන් වේ. ඉන්පසු අවශ්‍ය වෙනස් කම් සිදු කර save කරන්න.




3. මී ළඟට ඔබට අවශ්‍ය ප්‍රවෘත්ති සේවාදායකයෙක් සොයා ගත යුතු වේ. උදාහරණ වශයෙන්

Hiru News , Ada derana, Daily Mirror, වැනි සේවා සපයන්නන් දැක්විය හැක. ඔබට අවශ්‍ය සේවා සපයන්නෙක් සෙවුමක් මඟින් සොයා ගත හැක.


4. ඉන්පසු එම සේවාසපයන්නෙක්ගේ වෙබ් පිටුවට ගොස් එය Follow කරන්න. Follow කළ පසු රූපයේ දැක්වෙන ස්ථානය Click කර එහිTurn On Mobile Notification යන්න Click කරන්න.





ඉන්පසු ඔබට දිනපතා නිව්ස් අලර්ට් ලැබෙනු ඇත. මෙම සේවාව මඟින් ඔබේ මිතුරන්ට sms යැවීම මෙන්ම ඔබට වැදගත් වෙනත් තොරතුරුද sms මඟින් ලබා ගත හැක.

Free news alerts for your mobile

Do you want to receive the latest news alerts to your mobile phone, at absolutely no cost what so ever? Then go to Twitter, where this service is made available for you. It is called Mobile Notifications. Through this service, you can receive free news alerts. All you have to do is open an account on Twitter (unless you already have one) and choose a popular news service.

In order to do this, you only have to follow the steps given below:

1. First you have to open an account on Twitter, sign up and fill in all your details.

2. After that, you must activate your mobile. In order to do this go to SETTINGS > then click MOBILE and enter the details of your mobile phone. Unfortunately, this service is provided only for Mobitel, Dialog and Etisalat networks at the moment After you have given all the necessary information, click ACTIVATE PHONE.



After that, you will receive a message to your mobile phone. Follow the instructions given in this SMS and send the required information, you shall be connected with the website. After that, save your new settings, by clicking SAVE. 




3. Your next step involves choosing a news service. For example, Hiru News, Ada Derana, Daily Mirror, and so many other options can be found to cater to your news needs.

4. Once you find the service that seems suitable for you, go to their page and click FOLLOW. Once you clicked FOLLOW, you will get an image where you will find “TURN ON MOBILE NOTIFICATION”. Click that button to TURN on your mobile notification service for the latest news updates, every day, and keep up to date with the world at the tips of your fingers. .