Priceless gold artifacts found at Abhayagiriya | මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මේ දිනවල
සිදුÊකරනු ලබන අනුරාධපුර අභයගිරි ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා එහි
නටබුන් වී ගැල වී තිබෙන පහළ පේසාවේ ගඩොල් ඉවත් කිරීමේදී ගඩොල් 2 ක් අතර
තිබී වසර 2000 ක් තරම් ඉපැරැණි රන් මංජුසාවක් ඇතුළු පුරාවස්තු රැසක්
හමු වී තිබේ.
විවිධ වර්ණයෙන් යුත් ගල් එබ්බවූ ප්‍රධාන මංජුසාව විවෘත කොට පරීක්ෂා කිරීමේදී එය තුළ තිබී තවත් රන් මංජුසා තුනක් හමු වූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්යක්ෂ මහාචාර්ය ටී. ඩී. කුලතුංග මහතා 'දිවයින' ට පැවසීය.
අභයගිරි ස්ථූපයේ කැණීම් භාර පර්යේෂණ නිලධාරී මධුෂා ලක්මාලි මෙනවියගේ අධීක්ෂණය යටතේ එහි සේවිකාවන් පිරිසක් විසින් සිදුÊකරන ලද කැණීමකදී මේවා හමු වී ඇත.
මිලිමීටර් 49 ක උසින් හා මිලිමීටර් 35 ක විෂ්කම්භයකින් යුත් ප්‍රධාන මංජුසාව තුළ තිබී මුතුපැහැති පබළු, රීදී හස්එබූ කහපානයක කොටසක් (කාසියක කොටසක්) සහ කුඩා මංජුසාවක් හමු වී ඇත.
මේ අතර මිලිමීටර් 42 ක් උසින් හා මිලිමීටර් 20 විෂ්කම්භයකින් යුත් දෙවැනි මංජුසාවේ පියනේ මුදුනේ දෙපැත්තේ ගල් ඔබ්බවන මල් දෙකක් හා ඒ තුළ මුතු පබළු, රන්කුඩු සහ කුඩා රන් සුරයක් ද තිබූ බව මහාචාර්ය කුලතුංග මහතා පවසයි. කැටයම් කරන ලද රන් සුරය වටේ ඉතා සියුම් කුඩා ගල් 12 ක් අල්ලා තිබුණු බවට සලකුණු දක්නට තිබෙන බවත් ඉන් තුනක් ශේෂ වී ඇති බවත් හෙතෙම කීය.
මිලිමීටර් 24 ක උසින් හා මිලිමීටර් 15 ක විෂ්කම්භයකින් යුත් අනෙක් මංජුසා දෙකෙන් එකක තිබී රන්කුඩු, නිල් පැහැති කුඩා ගලක් හා පබළු හමු වී තිබෙන අතර මිලිමීටර් 13 උසින් හා මිලිමීටර් 17 විෂ්කම්භයකින් යුත් අනෙක් මංජුසාව රන්සුණුවලින් පුරවා තිබුණ බවත්, ඊට අමතරව රන් පෙති 6 ක් හා තවත් රන් කැබැල්ලක් හමු වූ බවත් මහාචාර්ය කුලතුංග මහතා කීය.
අභයගිරිය ස්ථූප සලපතළ මළුවේ පේසාවට ආසන්නව ඇති ගල් පුවරු අනෙක් පුවරුවලට වඩා දිගින් හා පළලින් යුතු වන අතර එම පුවරු යට නිධන්කර තිබී ලක්ෂ්මී කාසි, මැටි හා කෘතිම අමුද්‍රව්‍යයෙන් කළ පබළු, මුදු, භෂ්මාවශේෂ හෝ ධාතු නිධන් කළ බවට අනුමාන කෙරෙන කුඩා පලිඟු, කරඬු සහ වටිනාකමින් අඩු අඹතේස්ට වැනි ගල් කැබලි එහි කැණීම්වලදී හමු වී ඇති බවත් මහාචාර්යවරයා පැවැසීය.
සලපතළ මළුවේ මෙම පුරාවස්තු හමු වූ ගල් පුවරු අතුරා ඇති කොටස බුදු පිළිම සඳහා කුටි ඉදිකිරීම, වන්දනාව සඳහා සිරිපතුල් තැන්පත් කිරීම ආදී කටයුතුවලට යොදා ගෙන ඇති බව පෙනී යන හෙයින් එවැනි පූජනීය භූමි පෙදෙසක මෙවැනි නිධන් වස්තු තැන්පත් කරන්නට ඇති බවත් ගර්භයේ හා ආයකයේද මෙවැනි නිධන් වස්තු තැන්පත් කර තිබී මීට පෙර හමු වී තිබෙන බවත් පැවසූ මහාචාර්යවරයා එම ස්ථූපයේ පේසාවේ නිධන් කර තිබී නිධන් වස්තුවක් (රන් මංජුසාවක්) හමු වූ පළමු වතාව මෙය බවත් පැවැසීය.

Priceless gold artifacts found at Abhayagiriya
Gold artefacts and coins were found inside a golden casket recovered from the Abhayagiriya site last week.
The casket, 49 mm high and 35 mm wide, believed to be dating back to 2nd Century AD, was opened by Archaeological Director Prof T. G. Kulathunga.
Inside the golden casket was another golden container, somewhat heart-shaped, wrapped in gold foil.
Upon opening the second box, the archaeologists found an amulet made of gold along with some beads and gold nuggets. The amulet was sealed and the archaeologists expect to open it in a laboratory.
The second box is 42 mm height. The lids of both box and casket had been decorated and studded with gem-like coloured stones.
It had not yet been determined whether those stones were gems, Prof Kulatunga said.
The casket was found at the excavation site at the North East of the Abhayagiriya Stupa. It was found by a team, led by Excavation Research Officer U. G. Madusha Lakmali. They also found some coins, known as Punch-marked coins, which had been the earliest used coins in this country, from the same site.