Migettuwatte Sumiththa Thero stripped of titles following arrest
| අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් භාරයට
පමුණුවා ඇති ගාලුදිසාවේ ප්‍රධාන සංඝනායක,මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමිගේ
සංඝනායක පදවිය තාවකාලිකව අත්හිටුවීමට අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාව තීරණය
කර තිබේ.
බෙන්තොට හා අලුත්ගම ප්‍රදේශවල සිදුවූ අපරාධ රැසක අපරාධකරුවන්ට නවාතැන් ලබා දුන් සහ අදාළ අපරාධයන් සඳහා අනුබලදුන් බවට සැකකෙරෙන උන්වහන්සේට එරෙහි චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ නිමවනතුරු හා අධිකරණ තීන්දුව ලැබෙනතුරු මෙසේ සංඝනායක පදවිය අත්හිටුවීමට කටයුතු කළ බව අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී,පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් කියා සිටියි.
සැකකාර හිමියන්ට එල්ලවී ඇති චෝදනා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම්දුන් කරුණු සලකා බලා මෙම තීරණය ගත් බව ලේඛකාධිකාරී හිමියන් වැඩිදුරටත් සඳහන් කළේය.
බෙන්තොට දී සිදුකළ ලක්ෂ 23 ක රත්රන් කොල්ලය සහ අලුත්ගම කෝටි 04 ස්වර්ණාභරණ හා මැණික් කොල්ලය ඇතුළු අපරාධ රැසක සැකකරුවන්ට මෙම සැකකාර හිමිනම විසින් සහාය ලබා දී ඇති බවට පොලීසිය සැක පළකරයි.
Migettuwatte Sumiththa Thero stripped of titles following arrest
The
executive committee of the Asgiriya Chapter has decided to temporarily
suspend Migettuwatte Sumiththa Thero’s title of Chief Sangha Nayaka of
Galle following his arrest by the CID and his subsequent remand over
criminal allegations. Speaking on behalf of the Asgiriya Chapter,
Anamaduwe Dhammatissa stated that until the investigations regarding
Sumiththa Thero are complete and a verdicr is given by court, his title
will be suspended. He added that the decision was taken upon careful
consideration and the information provided by the CID.
Migettuwatte Sumiththa Thero was arrested in connection with aiding several criminals wanted for crimes in Bentota and Aluthgama while he is also alleged to have commissioned some of the crimes.
Police suspect the Thero of aiding a host of crimes in the area including the Rs. 2.3 million gold robbery in Bentota and the Rs.40 million jewellery heist in Aluthgama.