India beat SL by 21 runs in first ODI | සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 21 ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
දිවා රාත්‍රී තරගයක් ලෙස හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරනු ලැබීය.
ඒ අනුව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 06 ක් දැවී ලකුණු 314 ක් රැස්කිරීමට එම කණ්ඩායම සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 09 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 293 ක් පමණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පිති හරඹයක නිරත වූ කුමාර සංගක්කාර ලකුණු 133 ක් හිමිකරගත්තේය.
India beat SL by 21 runs in first ODI
India (314/6) beat Sri Lanka (293/9) by 21 runs in the first One Day International match played in Hambantota. Virat Kohli top scored for the Indians with 106 runs while Kumar Sangakkara scored his 14th ODI century for the Lankans.



