අම්පාර ප්‍රදේශයේදී අලි ප්‍රහාරයෙන් කාන්තාවක් මරුට

.
A woman was killed following a wild elephant | අම්පාර, බුද්ධංගල ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

බුද්ධංගල රක්ෂිතයේ දර කැඩීමට ගොස් සිටිය දී කාන්තාව අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්ය. 
 
වන අලියා පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ කාන්තාව අම්පාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත. එසේ මිය ගොස් ඇත්තේ රජවැව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවකි.

Woman killed by wild elephant in Ampara

A woman was killed following a wild elephant attack in the Buddhangala area in Ampara while she was collecting firewood in the forest reserve.

She was admitted to the Ampara hospital following the attack but she succumbed to her injuries.

The victim was a 50 year old resident of the Rajaweva area.