උතුරු පළාතේ වෛද්‍යවරු අද ලෙඩ වෙති

.
Govt. Doctors in the North engage in token strike | උතුරු පළාතේ සියලු රෝහල්වල රජයේ වෛද්‍යවරුන් අද (24) දිනයේ දී සංකේත වැඩ වර්ජනයක නිරත වේ.

යාපනය රෝහලේ උද්ගත වී ඇති ගැටලු කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පවත්වන බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේය.

ඒ අනුව උතුරු පළාතේ රෝහල්වල සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු වලින් අද දිනයේ සියලුම වෛද්‍යවරුන් ඉවත් වන බව නවීන් ද සොයිසා මහතා පැවසුවේය. 

Govt. Doctors in the North engage in token strike

The government doctors of all the hospitals in the Northern Province will engage in a token strike today (July 24) in protest of a number of grievances concerning the Jaffna hospital.

Dr. Navin De Soyza of the Government Medical Officers Association (GMOA) stated that all doctors will refrain from administering normal treatment to patients in protest.